Tjc අධිශේනීයේ බද්ධ අඹ පැළ

₨. 500

Description

ලිපිය කියවන්න..Tjc අධිශේනීයේ බද්ධ අඹ පැළ... හොඳම සාරවත් වගාවන් සදහා..වගකීමේන් යුතුව 100/% හිටවා වසරක් ඇතුළත පලදාව.. පැළයක උස අඩි 06/07.යි.. ගෙඩි සහ මල් දැනටමත්..... තොග මිල රු 290යි.. (තොග පැළ100 වැඩි)සිල්ලර මිල 500. (පැළයක වෙළඳ පොළ වටිනාකම ru 750 ට වැඩියි).. 0724236180.කුරුණෑගල.. අක්කරයක් වගා කර මිලියන ගණනින් ආදායම් ලබන්න...

හිස් ඉඩමට ටොම් ජේ සී (Tome JC) අඹ වගාවක්

ලෝකයේ වැඩිම ඉල්ලුමක් තිබෙන පළතුරක් ලෙස අඹ හදුන්වන්න පුළුවන්. ඒ අතරිනුත් ටොම් ජේ. සී අඹ කියන්නේ ඉහළම ඉල්ලුමක් තිබෙන අඹ වර්ගයක්. ඒ වගේම ලොව රසයෙන් වැඩිම අඹ වර්ගය වෙන්නෙත් ටොම් ජේ. සී අඹ.

වාණිජ වගාවක් ලෙස ටොම් ජේ. සී වගා කිරීමේ වාසි රැසක් තිබෙනවා. එකක් තමයි මේ අඹ වර්ගයට ලෝකයේ සෑම රටකින්ම ඉතා ඉහළ ඉල්ලුමක් තියනවා. අනෙක් කාරණය තමයි මේක ස්ථිර භෝගයක්. ඒ නිසා අවුරුද්දක් පාසා වගා කරන්න වෙන්නෙ නැහැ. තවත් දෙයක් තමයි, මේ අඹ වරගයේ ඵළ හට ගැනීම වසර පුරාම සිදු වෙනවා. අළෙවි ප්‍රශ්න මුකුත් නැහැ. ලංකාව පුරා මේ අඹ වලට ඉහළ ඉල්ලුමක් තියනවා වගේම අපනයනය කරන්නත් පුළුවන්.

මේ අඹ වගා කරනවා නම් මුල ඉඳලම පිළිවෙළට කරන්න ඕන. වගාවට වඩාත් ගැළපෙන්නේ වියළි හා අතරමැදි කාලගුනයක් තියන මුහුදු මට්ටමේ සිට අඩි 100 ත් 1500 ත් අතර ප්‍රදේශ. ඒ වගේම ⁣වගාවේදී අඹ පැල දෙකක් අතර අඩි 15, 20 හා 30 කියල පරතර ⁣තුනක් හඳුන්වා දීල තියනවා. අඩි 15 පරතරේට හදනවා නම් නියමිත පිළිවෙළටම කප්පාදු කරන්නම ඕන. මොකද පැළ අතර පරතරය අඩුනිසා අඹ ගස ලොකුවට හැදුනොත් වගාවට වන හානිය වැඩියි. කොහොම උනත් අඩි 20 පරතරය යටතේ තමයි ගොඩක් වෙලාවට ටොම් ජේ. සී. පැල හදන්නෙ. නමුත් ඔබේ ඉඩම කුඩා ප්‍රමාණයේ එකක් නම්, අඩි 15 න් 15 ට පැළ හා පේළි අතර පරතරය තියල හදන්න. මොකද පොඩි ඉඩමක හදන්නේ අඩු පැළ සංඛ්‍යාවක් නිසා නඩත්තු කරන්න පහසුයි නේ. ලොකු ඉඩමක නම් අඩි 20 න් 20 ට හදන්න. ලොකු ඉඩමක් උනත් පිළිවෙළට නඩත්තු කරනවා නම් අඩි 15 න් 15 ට හදන එක හොඳයි. හැබැයි අඩි 15 න් 15 ට හදනවා නම් ලැබෙන ආදායමත් වැඩියි.

අක්කර පහක් හයක් වැනි ප්‍රමාණයක පැළ සිටුවනවා නම්, ඔබ අවුරුදු තුනක් ඇතුළත මසකට සාමාන්‍ය ආදායම රු. ලක්ෂ පහක් පමණ උපයන පුද්ගලයෙකු බවට පත් වනවා. ඒ වගේම අඹ කියන්නේ දීර්ඝ කාලීන වගාවක් නිසා මේ ආදායම අඛණ්ඩවම ලබා ගැනීමේ හැකියාව. පවතිනවා.වගකීම 100%..

තොග සීමිතය.()

.share කරන්න සොබාදහම සහ අපි වෙනුවෙන් ..ස්තුති ..

407