ලංකා ජයන්ට් පේර

  • Horana
  • 3 years ago
  • Views : 252
  • ID : #3900

₨. 350

Description

ලංකා ජයන්ට් පේර

මෙම ප්‍රභේදය බැංකොක් ජයන්ට් හා පුබුදු යන පේර වර්ග දෙකෙහි දෙමුහුමකි. මෙම ශාකය අඩු උසක් (මීටර් 3.5 – 4 ) හා ඒ හා සමානම අඩු පැතිරීමක් පෙන්වයි. ඉතා ඉහළ අස්වැන්නක් ලබාදෙන අතරම මෙහි ගෙඩි ප්‍රමාණයෙන්ද විශාල වේ. අස්වනු නෙලීම ආරම්භ වූ පසු පළමු වසරේදී ගසකින් කිලෝ ග්‍රෑම් 24 ( හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 9.6) ක් හා 2 වන වසරේදී ගසකින් කිලෝ ග්‍රෑම් 130 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 52 ) ක් පමණ ලැබෙන අතර ගෙඩිවල සාමාන්‍ය බර ග්‍රෑම් 250 – 600 අතර වේ. මෙහි ගෙඩි වටකුරු හෝ උස් වූ වටකුරු හැඩයක් ගන්නා අතර අඩු ඇට සංඛ්‍යාවකින් සමන්විත වේ. මදයේ පැහැය ලා කොළ පැහැයට හුරු කහ පැහැයක් ගන්නා අතර ප්‍රනීත රසයකින් හා ක්‍රිස්පි ස්වභාවයෙන් යුක්ත වේ. නෙළා ගත් පසු නැවුම් බව නොනැසී වැඩි කලක් තබාගත හැකි වර්ගයකි. මෙම ශාකයේ වර්ධන විලාසය හොරණ ස්වීට් ප්‍රභේදයට සමාන වනමුත් අස්වැන්න, මදයේ පැහැය හා රසය ඉන් වෙනස් වේ. වානිජව වගා කිරීමටද මෙම ප්‍රභේදය වඩාත් සුදුසු වේ.

ලේයර් පැලයක මිල රු : 350/=

වැඩි දුර විස්තර සදහා ( whatsapp )

☎️☎️ 0️⃣7️⃣5️⃣9️⃣0️⃣0️⃣2️⃣4️⃣3️⃣9️⃣

☎️☎️ 0️⃣7️⃣7️⃣0️⃣8️⃣4️⃣6️⃣0️⃣0️⃣1️⃣

Location ????

???? හොරණ නගරයේ සිට ඉංගිරිය

දෙසට කි.මී 3.5 යි.

???? Google Map එකන් පහසුවෙන්ම

සොයාගන්න,

" Grow More Plant Nursery "කියල

Search කරන්න .

එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.

පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)

බැංකු ගිණුම් තොරතුරු watsaap මගින් ලබාගැනීමට කාරුණික වන්න .

කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.

පලමු කිලෝව සදහා රු: 370ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 130 ලෙස අයකිරිම සිදුවෙයි .

3900