හීන් නාරං ( දේශීය ) -Hin Naran

  • Horana
  • 3 years ago
  • Views : 596
  • ID : #3896

₨. 300

Description

සෑම නිවසකම සිටුවිය යුතුම පලතුරක්...

හීන් නාරං ( දේශීය )

පැඟිරි කුලයට අයත් පළතුරු වර්ග අතරින් හීන් නාරං වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හීන් නාරං ඖෂධයක් ලෙසින්ද ආහාරයක් ලෙසින්ද යොදාගැනේ. අක්මාවේ පවතින විවිධ රෝග රැසකට හීන් නාරංවල ඇත්තේ පුදුමාකාර ගුණයකි. හීන් නාරං ග්රෑම් දෙසීයක පවතින පෝෂණ ගුණය මේදය ග්රෑම් 1කට සමානය. කොලෙස්ටරෝල් අඩංගු නැත.

ලුණු (සෝඩියම්) මිලිග්රෑම් 4ක්, කාබෝහයිඩ්රේට් ග්රෑම් 26 ක්, කෙඳි ග්රෑම් 4ක්, සීනි ග්රෑම් 21ක්, ප්රෝටීන ග්රම් 2ක් මෙහි අන්තර්ගත වේ. එමෙන්ම යකඩ, ෆෝලේට්, පොටෑසියම්, විටමින් B6, විටමින් C, විටමින් K සහ බොහෝ ප්රතිඔක්සිකාරක වර්ග ගණනාවක් අන්තර්ගත වේ.

මෙම ප්‍රතිතිඔක්සිකාරක ගණනාවක් අන්තර්ගතව පවතින බැවින් බොහෝ පළතුරුවලට වඩා පෝෂ්‍ය ගුණය සේම ලෙඩරෝග වළක්වා ගැනීමේ හැකියාව මෙම හීන් නාරංවල අන්තර්ගත වේ.

විටමින් C සැලකිය යුතු ප්රමාණයක් අඩංගු වන අතර හීන් නාරංවල පවතින ප්‍රබලතම ප්‍රතිතිඔක්සිකාරකය එය වේ. මේ මගින් තුවාල සුවකරගැනීමේ ගුණය, නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන වළක්වා ගැනීම, විවිධ සන්ධි ආබාධ වළක්වා ගැනීම හා ස්නායු පද්ධතියේ ඇතිවන රෝගාබාධ සඳහාද ගුණදායක පළතුරකි. කෙඳි බහුලව පවතී. එමගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කෙරේ. මළබද්ධය දුරුකිරීමට උදව් වේ. ෆ්ලෙවනොයිඩ් වර්ග නාරංවල පිරී පවතී. මේවා ඉතා ප්රබල ප්රතිඔක්සිකාරක වේ. මෙහි විටමින් A, කැරොටීන් බොහොමයක් අන්තර්ගත වේ. එමගින් පෙනීම මනා ලෙස ඇති කරයි. මේදයේ දියවන විටමින් A නිරෝගී ශ්ලේෂ්මල පටක ඇති කිරීමට දායක වේ.

හීන් නාරං ලෙලිවල ගෙස්පිරිමින් ෆ්ලෙවනොයිඩ් අන්තර්ගත වේ. එමගින් කොලෙස්ටරෝල් අඩු කරයි. රුධිර පීඩනය අඩු කරයි. ශරීර ප්රතිශක්ති පද්ධතිය දියුණු කෙරේ. කුඩා දරුවන්ට ඉතාමත් හිතකර පළතුරක් වන හීන් නාරං දරුවන්ට නිතර නිතර ඇතිවන රෝග වළක්වා ගැනීමට ප්‍රතිශක්තිය ලබාදේ. තරුණ පෙනුම රැකදී සමේ රැලි වැටීම වළක්වයි. සමේ පැහැපත් බව ඇති කිරීමට ගුණදායී පළතුරක් වේ.ස්නායු පද්ධතියේ නිරෝගී බවට අවශ්ය කරන බොහෝ පෝෂණයන් මෙම හීන් නාරං තුළ අන්තර්ගතව පවතී. මොළයේ රුධිර ගමනාගමනය හොඳින් වැඩීමට උපකාරී වේ. බුද්ධිය, මතක ශක්තිය වැඩිදියුණු කරයි. අක්මාවේ පිළිකාමය රෝග තත්ත්ව ඇතිවීම වළක්වයි. කොලෙස්ටරෝල්, දියවැඩියාව ඇති අයට ඉතා ගුණදායක පළතුරක් වේ. අධික තරබාරු අයට බර අඩුකරගැනීමට උදව් වේ.උදෑසන නැවුම් පළතුරු පානයක් ලෙස ගැනීමෙන් දවසම ප්‍රබෝධමත් වේ.

බද්ද පැලයක මිල රු : 300/=

වැඩි දුර විස්තර සදහා ( whatsapp )

☎️☎️ 0️⃣7️⃣5️⃣9️⃣0️⃣0️⃣2️⃣4️⃣3️⃣9️⃣

☎️☎️ 0️⃣7️⃣7️⃣0️⃣8️⃣4️⃣6️⃣0️⃣0️⃣1️⃣

Location ????

???? හොරණ නගරයේ සිට ඉංගිරිය

දෙසට කි.මී 3.5 යි.

???? Google Map එකන් පහසුවෙන්ම

සොයාගන්න,

" Grow More Plant Nursery "කියල

Search කරන්න .

එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.

පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)

බැංකු ගිණුම් තොරතුරු watsaap මගින් ලබාගැනීමට කාරුණික වන්න .

කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.

පලමු කිලෝව සදහා රු: 370ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 130 ලෙස අයකිරිම සිදුවෙයි

3896