කාමරංගා (Star fruit)
කුලය – Oxalidaceae
උද්භිත විද්‍යාත්මක නාමය – Averrhoa carambola
" හනී ස්වීට් ප්‍රභේදය "
මීටර් 5-12 පමණ උසැති බහු වාර්ෂික ශාකයක් වන මෙහි සංයුක්ත පත්‍ර පිහිටන අතර පත්‍රිකා යුගල 3-5 කින් යුක්තය. පත්‍ර ආයත හැඩැතිය. පුෂ්පවල වර්ණය ප්‍රභේද අනුව රෝස හෝ ලා දම් පැහැති වන අතර පොකුරු වශයෙන් කඳේ හා අතු රිකිළිවල හටගනී. ඵල කුඩා කාලයේ කොළ පැහැ වන අතර ඉදුණුවිට කහ පැහැයට හැරේ. ඵලය සෙ.මී. 8-10ක් පමණ දික්වන අතර දාර 5-6 කින් යුක්ත පලතුරකි.
දේශගුණ අවශ්‍යතා
ලංකාවේ උණුසුම් තෙත් හා අතරමැදි යන කලාප තුනම මෙම පලතුර වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය වේ. එහෙත් තෙත් කලාපයේද උස් බිම්වල ඉතා හොඳින් වැවෙන අතර හොඳින් ඵල දරයි.
පැළ සිටුවීම
සෙ. මී. 60 X 60 X 60 වලක් කපාගත යුතුය. මතුපිට පස් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණයෙන් වලෙන් 2/3 පුරවා සති 2 කට පසු වලේ ඉතිරි කොටස්ද එම මිශ්‍රණයෙන්ම පුරවා සිටවිය යුතුය. සිටවූ පැළයට ආධාරකයක් සැපයීම එය හොඳින් ස්ථාපනය වීමට වැදගත් වේ. අවශ්‍ය නම් කුඩා අවදියේදී සෙවන සැපයීමටද වග බලා ගත යුතුය.
බද්ද පැලයක මිල රු : 350/=
වැඩි දුර විස්තර සදහා ( whatsapp )
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)
බැංකු ගිණුම් තොරතුරු watsaap මගින් ලබාගැනීමට කාරුණික වන්න .
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
පලමු කිලෝව සදහා රු: 370ක් ද වැඩි වෙන අමතර කොලොවක් සදහා රු: 130 ලෙස අයකිරිම සිදුවෙයි .