ජැම්සන් / Carissa carandas
මිල ඇතුළු සියලු විස්තර පෝස්ටුවේ ඇතුළත් වේ.
ජැම්සන් ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලය වැනි ආසියාවේ කඳුකරයේ ස්වභාවිකව වැඩී මෙරටට ව්‍යාප්ත වන්නට ඇතැයි සැලකේ. ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ ලෙස, රාජස්ථාන්, ගුජරාට්, බිහාර්, බටහිර බෙංගාලය සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රදේශවල සීමිත පරිමාණයෙන් වගා කිරීම දක්නට ලැබේ.
මීටර් 5 ක් පමණ උසට වැඩෙන ජැම්සන් ඵල දරන විට ඉතා ආකර්ෂණීය වන අතර, ශාක බොහෝ විට විසිතුරු ලෙස දැකිය හැක. හොදින් ඉදුණු විට, පලතුරුවලින් පැණි රස මිශ්‍ර ඇඹුල් රසක් ගෙනදේ. ලංකාවේ තෙත් ,වියලි හා අතරමැදි කලාප තුනේම මෙය හොදින් වර්දනයවේ. බොහෝවිට උද්‍යාන අලංකරණය සදහාද යොදාගනී.
මෙම පලතුර යකඩ, විටමින් සී, විටමින් ඒ, කැල්සියම් සහ පොස්පරස් වලින් පොහොසත් වේ. ඉන්දියාවේ දී, පරිණත පළතුරු ඉන්දීය අච්චාරු චට්නි ආදිය සදහා යොදාගනී. රතු සහ තද කලු වර්ණයකින් යුත් ඉදුණු පලතුරු සුදු රබර් කිරි ගලායෑමක් විදහා දක්වයි. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ එය ජෑම් වර්ග හා සිරප් වර්ග ජෙලි වැනිදෑ නිෂ්පාදනටද භාවිතා කොට ඇත. එය යකඩ අඩංගු නිසා රක්තහීනතා රෝගීන් සඳහා එය ඉතා ප්‍රයෝජනවත් වේ. විටමින් C බහුල බැවින් එය ශරීරය තුළ පටක වර්ධනයට බොහෝ ලෙස උපකාරීවේ. දියවැඩියා රෝගීන්ට රුධිරයේ සීනි මට්ටම පාලනය සදහා භාවිතා කල හැකිය. මෙය ආහාරයට ගැනීමෙන් තරබාරු බව හා හෘද රෝග වළක්වා ගැනීමටද හැකි බව වෙද්‍ය මතයයි.
ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, මැලේසියාව, තායිලන්තය, මියන්මාරය සහ චීනයද මෙහි ඖෂධමය ගුණ පිලිබද බොහෝ තොරතුරු දක්වා ඇත . එහි ඵල ආම්ලිකතාවය, අජීර්ණයට, අලුත් හා ආසාදිත තුවාල, සමේ රෝග, මුත්‍රා රෝග හා දියවැඩියාව ආදී මෙන්ම බඩේ කැක්කුම, මලබද්ධය, රක්තහීනතාවය, සමේ රෝග නැසීමටද ඉන්දීය ආයුර්වේදය තුල භාවිතා වේ.
සටහන :- Grow More Plant Nursery
කුඩා පැල රු : 150/=
ගෙඩි සහිත බදුන් රු : 1250/=
වැඩි දුර විස්තර සදහා ( whatsapp )
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)
ගිණුම් විස්තර සදහා watsaap මගින් සම්බන්ධ වන්න .
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
පලමු කිලෝව සදහා රු: 370ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 130 ලෙස අයකිරිම සිදුවෙයි .