මිල ඇතුළු සියලු විස්තර පෝස්ටුවේ සදහන්වේ.
Beauty Berry / බියුටිබෙරි
(Callicarpa americana)
ඇමරිකාව නිජබිම කරගත් පලතුරක් වන මෙම බෙරි විශේෂය ස්වදේශික ඇමරිකානු ගෝත්‍රිකයන් මැලේරියා උණ සහ රූමැටික් සඳහා ප්‍රතිකාර කිරීමට මුල්, කොළ සහ අතුද, කරකැවිල්ල, බඩේ කැක්කුම සහ අතීසාරය සඳහා ප්‍රතිකාර කිරීමට මුල් සහ බෙරි තම්බා පානයක් ලෙසද යොදාගෙන ඇත .1900 ගණන්වල මුල් භාගයේදී ගොවීන් මදුරුවන් සහ අනෙකුත් දෂ්ට කරන මකුණන් වැනි කෘමීන් පලවා හැරීම සදහාද භාවිතා කර ඇත.
ගිම්හානයේ අග භාගයේදී මල් පිපෙන අතර, මැණික් වැනි, දම් හෝ සුදු පැහැ වර්ග දෙකකින් යුත් බෙරි පොකුරු වර්දනයත් සමග ඔබේ ගෙවත්තට ඉතා අලංකාරයක් ගෙනදෙයි. ශාක පත්‍රද ආකර්ශනීය වර්ණයකින් යුක්ය. මෙය අඩි 3 සිට 8 දක්වා පඳුරු ලෙස ගෙවත්තේ මෙන්ම මායිම් සදහාද රෝපණය කල හැක. ජෑම් නිෂ්පාදනය සදහාද කුරුල්ලන් , ලේනුන් වැනි සතුන්ගේ ජනප්‍රිය පලතුරක්ද වෙයි. එපමණක්ද නොව ඇමරිකාවේ නම් හිවලුන්ගේ හා මුවන්ගේද කුසගින්න නිවීමට මේ පලතුර දායක වෙන බවට අපට තොරතුරු හමුවුණා.
ඇමරිකන් මල්බෙරි ලෙසද හැඳින්වෙන අතර බියුටිබෙරි, ආසියාවේද විශේෂ ලක්ශණ ඇතුළත් ජපානය සහ චීනය වැනි රටවල් වලින්ද තොරතුරු ඉදිරිපත් කරයි. මෙය බීජ හා අතු මගින් පහසුවෙන් ප්‍රචාරණය කර ගත හැකිය. සෙවන සහ හොඳින් ජලය බැස යන පස බියුටිබෙරි ශාක සදහා අවශ්‍ය සාධක වේ.
කප්පාදු කිරීම මගින් අවශ්‍ය ලෙස ශාකයේ බාහිර හැඩය පවත්වාගත හැක. සරලම දෙය නම් සම්පූර්ණ පඳුරු බිම සිට අඟල් 6දක්වා නැවත කැපීමයි. එය පිළිවෙලට, වටකුරු හැඩයකින් නැවත වර්ධනය වේ. පඳුරු නැවත වැඩෙන අතර තුර උයනේ පරතරයක් ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, එය ක්‍රමයෙන් කප්පාදු කරන්න. සෑම වසරකම, බිමට ආසන්නව ඇති පැරණි අතු වලින් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් ඉවත් කරන්න. මෙම ක්‍රමය භාවිතා කරමින්, පඳුරු අඩි 8 දක්වා උසට වැඩෙන ලෙස පවත්වා ගත හැක. පොහොර ලෙස විශේෂ පොහොර වර්ග අවශ්‍ය නොවන අතර සාමාන්‍ය කොම්පෝස්ට් , බිත්තර කටු , දිරාපත්වූ කොල රොඩු භාවිතා කල හැක . රසායනික පොහොර වර්ග අත්‍යවශ්‍යම නොවේ.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්
සැකසුම : Grow More Plant Nursery
පීදුණු හා පීදීමට ආසන්න බදුන් ( ලේයර් පැල )
මිල රු : 1500/=
වැඩි දුර විස්තර සදහා ( whatsapp )
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය.
( Bank Deposit Only)
බැංකු ගිණුම් තොරතුරු සදහා whatsapp හරහා සම්බන්ධ වීමට කාරුණික වන්න .
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
පලමු කිලෝව සදහා රු: 370ක් ද වැඩි වෙන අමතර කොලොවක් සදහා රු: 130 ලෙස අයකිරිම සිදුවෙයි .