TV Mango
ටීවී මැංගෝ
(මිල පෝස්ටුවේ පහලින් සදහන් කර ඇත.)
" තිරුනෙල්වේලි කහ " හෙවත් " කෝඩිමා " 2005 වසරේදී යාපනය ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස බිහිවූ අඹ ප්‍රභේදයකි. යාපනය දිස්ත්‍රික්කය තුල 47000 කට අධික අඹ ශාක ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතරම ඒවායෙහි ගති ලක්ශණ පිලිබද තොරතුරු වාර්තාගත කර ඇත්තේ බොහෝම අල්ප වශයෙනි .
එකිනෙකට සමාන රූපීය ලක්ශණ ඇති අමුතුම ආකාරයේ අඹ ශාක දෙකක් මෙම අධ්‍යයනයේදී හමුවී ඇත. බැලූ බැල්මට මෙම ශාක දෙකෙහි ඇති කැපී පෙනෙන වෙනස ලෙස එහි පත්‍ර කිරුළ එතරම් උසකට නොවැඩෙන හා වැතිරුණු ස්වභායක් පෙන්නුම් කර ඇත. පර්යේශකයින් මේ ශාක දෙක CREEPING MANGO ලෙස හදුන්වා ඇත. එය ද්‍රවිඩ බසින් " කෝඩිමා " වෙයි.
ආකර්ශනීය ලක්ශණ දරමින් බීජ මගින් බිහිවන අඹ මාදිලි, බද්ද කිරීම වැනි වර්ධක ප්‍රචාරණය ක්‍රමවේදයන් හරහා දැනට වසර 300 කට පෙර සිටම සිදු කල බවට තොරතුරු ලැබී ඇත. තිරුනෙල්වේලි කහ යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රභේදය වසර පුරාම ඵල දරන බව සදහන් කරන්නේ මෙය හදුන්වා දුන් ආචාර්ය එස්. ජේ. අරසකේසරී මහතාය. වියලි කලාපය සදහා වඩාත් සුදුසු මෙන්ම ව්ශේෂිත සුවදක් හා ඉතාම අල්ප වශයෙන් තන්තු අන්තරගත මෙම ප්‍රභේදය බදුන්ගතව වගාව සදහා මෙන්ම මදයෙහි තද කහ පැහැය , පැණි රස ,මධ්‍යම ප්‍රමාණයේ ගෙඩිත් නිසා පරිහරණයටත් පහසු හා අපනයනය වැනි කර්මාන්ත සදහා වඩාත් සුදුසු බවයි පැවසෙන්නේ.
මෙහි සාමාන්‍ය උස මීටර් 5-6 ලෙස වාර්තා වී ඇත. පලමු අස්වැන්න ගන්නා අවස්තාවේදී මෙහි උස මීටර් 2 කට වඩා නැත. ගෙඩි ආවරණය වැනි කටයුතු වලදී කෙටි උස මනා පහසුවක් සලසාදෙයි . තිරුනෙල්වේලි කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේදී 2018 ඔක්තෝම්බර් සිට 2019 සැප්තැම්බර් දක්වා වු වසරක කාලය තුල ලබාදුන් සාමාන්‍ය අස්වැන්න අනුව විලාඩ් හා කර්තකොලොම්බන් යන පැරණි ප්‍රභේද වලට වඩා ඉදිරියෙන් ඇති බව වාර්තා වෙයි. ඔක්තෝම්බර් හා නොවැම්බර් කාලසීමාවේදි වියලි කාලගුණික තත්ව යටතේ වැඩි අස්වැන්නක් අන් ප්‍රභේද වලට සාපේක්ෂව නව ප්‍රභේදය ලබාදෙන බව වාර්තා මගින් සනාථ කර ඇත .
සීමිත ඉඩකඩ හමුවේ උසින් අඩු හා වසර පුරාම ඵල දරන අඹ ප්‍රභේදයක් සොයමින් සිටි හැමෝටම " තිරුනෙල්වේලි කහ හෙවත් කෝඩිමා " අඹ ප්‍රභේදය සුභ ආරංචියක්...
උපුටා ගැනීම -
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
ගන්නෝරුව.
( කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කහ ලේබලය සහිත )
බද්ද පැලයක මිල රු : 500/=
පැමිණ මිලදී ගැනීමට අපහසු පාරිභෝගික ඔබට zingo කුරියර් සේවාව මගින් පැල ඇණවුම් කිරීමට හැකියාව ඇත.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පමණක් පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
පලමු කිලෝව සදහා රු: 280 ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 70 ලෙස අයකිරිම සිදුවෙයි .
For More Informations just contact us.
Grow More Plant Nursery
Munagama
Horana
0759002439
0770846001
"Thirunelveli Kaha" or "Kodima" is a variety of mangoes that was born as a result of a study conducted in Jaffna in 2005. Information has been revealed that there are more than 47000 mango plants in the Jaffna district, while the information about their characteristics has been recorded very few.Two strange types of mango plants with similar beauty characteristics are found in this study. The remarkable difference between these two plants at glance shows that its sheet crown is so height less and fallen nature. Researchers have introduced these two plants as CREEPING MANGO. It will be "kodima" from the triple basin.It has been reported that the mango models, taxing, such as seeds, bearing attractive characteristics, have been done 300 years ago. Dr. S who introduced this indicates that this variety named Thirunelveli turmeric will be fruitful throughout the year. J. Mr. Arasakesari. This variant with a special fragrance and very slightly fiber-threatened variant is best for cultivation as well as dark yellow, sweet taste, medium-sized nuts, easy to use and for industries such as export. What is this? The Average height here is reported to be 5-6 meters. No more than 2 meters height here during the first harvest. Short heights make it easy to do things like nut covering. The Thirunelveli Agricultural Research Site is reportedly ahead of the old varieties of Vilad and Kartha Colomban, according to the ordinary harvest of October 2018 to September 2019. Reports have shown that more harvests under dry weather conditions will provide new variants compared to other variants during October and November."Thirunelveli Kaha aka Kodima" Mango varieties are good news for those who are looking for a variety of mangoes that are low in height and be fruitful throughout the year in front of limited space...Extracted by -Department of Agriculture,The taker.(With the yellow label of agriculture department)The price of a tax plant is Rs. 500/=Customers hard to come and buy you can order plants through Zingo courier service. Cash for plants should be deposited into the bank account when ordering plants. ( Bank Deposit Only)You have to afford the fees for the courier and you can only pay after the plants are received.For the first kilogram, an extra kilogram which increases Rs. 280 and for an extra kilo, there is a surprise as Rs. 70.For More Information just contact us.Grow More Plant Nursery Munagama Horana 07590024390770846001