බැංකොක් මාදං ( පත්‍ර රවුම් වර්ගය )
ඉංග්‍රීසියෙන් Black Plum , Jambol , Indiyan Black Berry ලෙසද දෙමලෙන් ශම්බු හා නාවල් ලෙස හදුන්වන මාදං කුඩා අවධියේදී මෙම ශාක ශීතල සහ නියග තත්වයනට සංවේදී වේ. කෙසේ වුවද මාදං මුහුදු මට්ටමේ සිට මීටර් 1500 පමණ උස ප්‍රදේශවල ද දක්නට ලැබේ. මාදං ශ්‍රි ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශ වල ස්වාභාවික වගාවන් ලෙස බහුලව දක්නට ලැබේ. එමෙන්ම තෙත් හා අතරමැදි කලාපීය ප්‍රදේශ වලද හොඳින් වැඩුණු මාදං ශාක දක්නට ලැබේ. ලවණ සහිත වගුරු බිම්වල ද වැලි අධික පසෙහි ද මාදං හොඳින් වර්ධනය වේ. ඉතා ප්‍රසන්න රසයකින් සහ වර්ණයකින් යුත් මාදං නැවුම් පලතුරක් ලෙසත් අතුරුපස සඳහාත් භාවිතා කරනු ලබයි. මාදං ආහාරයට ගැනීමට පෙර රසවත් කිරීමට ලූණු එකතු කළ හැකිය. එමෙන්ම මාදං වලින් රසවත් බීම, ජෙලි, ජෑම්, වයින්, විනාකිරි හා ආහාර වර්ණකාරක නිෂ්පාදනය කළ හැකිය. මාදං බීම උණුසුම් කාලගුණික තත්වයන් වලදී වඩාත් සුදුසු ගතසිත පුබුදන රසවත් බීමකි. සමාන ප්‍රමාණ වලින් මාදං හා අඹ මිශ්‍ර කොට සාදා ගන්නා පලතුරු යුෂ දියවැඩියා රෝගීගේ පවස නිවීමට ඉතා සුදුසු බීමක් ලෙස සැලකෙයි. තරමක අමු මාදං ගෙඩි වලින් ලබා ගන්නා යුෂ වලින් නිෂ්පාදනය කළ හැකි විනාකිරි අමාශයට ඉතා සුදුසු ගුණාංග සහිත බවත් සඳහන් වෙයි. මාදං බීජ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ කැල්සියම් සහිත බැවින් සත්ව ආහාර නිෂ්පාදනයේදී උපයෝගී කරගත හැකිවෙයි. මාදං ශාකයේ දැව ජලයට ප්‍රතිරෝධී වීම විශේෂ ගුණාංගයකි. මේ නිසා ගොඩනැගිලි ඉදිකිරීමේදී, කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනයේදී හා දුම්රිය සිල්පර සෑදීමේදී ආදී විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරනු ලබන වැදගත් දැව වර්ගයකි. එමෙන්ම මාදං ඖෂධීය ගුණයෙන්ද ඉහළ අගයක් ගනී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී දියවැඩියාව ආදී රෝග ප්‍රතිකාර සඳහා මාදං ශාක කොටස් භාවිතා කරනු ලබයි. බඳුන් වගාව සඳහා මාදං ඉතා සාර්ථකව භාවිතා කළ හැකිය.
බද්ද පැලයක මිල රු : 400/=
පැමිණ මිලදී ගැනීමට අපහසු පාරිභෝගික ඔබට කුරියර් සේවා දෙකක් මගින් පැල ඇණවුම් කිරීමට හැකියාව ඇත.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පමණක් පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
PROMPT
පලමු කිලෝව සදහා රු: 300 ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 90 ක් ද,
ZINGO
පලමු කිලෝව සදහා රු: 280 ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 70 ලෙස අයකිරිම සිදුවෙයි .
For More Informations just contact us.
Grow More Plant Nursery
Munagama
Horana
0759002439
0770846001