Koholla Lavalu (කොහොල්ල ලාවුළු පැල )

  • Horana
  • 4 years ago
  • Views : 1285
  • ID : #3487

₨. 500

Description

කොහොල්ල ලාවුළු

Crysophyllum roxburghii යන නාමයෙන් හඳුන්වයි. ශ්‍රී ලංකාවේ තෙත් වනාන්තර වල ස්වභාවිකව දැකිය හැකි පලතුරකි . මෙහි පත්‍ර ලන්සාකාර හැඩයක් ගනී. එහි පත්‍ර යට පැත්ත රන්වන් පැහැයක් නොගන්නා අතර දිගටිය. ඵලයන් සෙන්ටිමීටර් 2.5 - 4 විතර විෂ්කම්භයක් ගන්නා අතර ලා කොළපැහැතිය. ගෙඩියේ පිටතින් මද වශයෙන් පැති හතරක් හෝ පහක් දැකිය හැක. ඵලය තුළ කිරි ලාවුළු ආකාරයටම බීජ පිහිටා ඇත. ලා දුඹුරු පැහැයක් ගන්නා බීජ මගින් ශාක ප්‍රචාරණය සිදුවෙයි. ඉදුණු ඵල ආහාරයට ගන්නා අතර අඩංගු කිරි ප්‍රමාණය ඉතා වැඩිය. ආහාරයට ගැනීමට පෙර නටුව ලග තුවාල කර ඉරටුවක් කරකවමින් කිරි ඉවත් කරන හෙයින් කොහොල්ල ලාවුළු යන නම ලැබෙන්නට ඇත. ඉදුණු ගෙඩිවල ආවේණික සුවදක් ඇත.

සීමිත බද්ද පැල ප්‍රමාණයක් ඇත .

Grow More Plant Nursery

Munagama , Horana .

0770846001

0759002439

3487