බද්ද බෙලි පැල
මිල 850 /= ![]()
![]()
ලංකාවෙ කොහේ සිටියත් කූරිය මගින් නිවසට ![]()
![]()
0704498727 ![]()
watts app හරහා ද සම්භන්ද විය හැක
පලතුරු පැල
ඖෂද පැල
විසිතුරු මල් පැල
විසිතුරු වැල් වර්ග ද අපි ඉදිරියේදී ඔබ සදහා ගෙන ඒමට සැලසුම් කරමින් පවතී , සම්භන්ද කර ගන්න අපිව
විස්වාසනීය සේවාවක් ![]()
තණමල්විල අපේ වැඩක් ![]()
![]()
![]()
රෝග රැසකට ගුණ දෙන බෙලි *******
( ලිපිය කියවන්න මිතුරන්ටත් බලන්න share කරන්න)
අද අපි කතා කරන්නේ රසවත් පළතුරක් වගේම ඖෂධයක් ලෙස භාවිතා කිරීමට හැකි බෙලි ශාකය ගැනය.
බෙලි ශාකයේ ඉවත දැමිය හැකි කොටසක් නැතිතරම්ය. ගසේ මුල්, කොළ, මල්, පොතු, ඇට, ගෙඩි ආදී සියළු කොටස් ඖෂධයක් ලෙස භාවිතයට ගනී. අතීතයේ දී පැරැන්නන් විසින් සෞභාග්‍ය උදාකරන ශාකයක් ලෙස සලකා බෙලි ගස් නිවස ඉදිරිපිට සිටුවීම සිදුකර ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බුරුමය, පකිස්ථානය වැනි දකුණු ආසියාතික රටවලදී බෙලි ශාකය හොදින් වර්ධනය වේ.
බෙලි මල් පොකුරු ලෙස හටගන්නා අතර ඉතාමත් සුවඳවත්ය. බෙලි ගෙඩියේ පිටත පොත්ත ඉතාමත් ඝනව පිහිටා ඇති අතර කහ පැහැති මදය තුළ තැඹිලි පැහැයෙන් යුතු බීජ පිහිටා තිබේ. මෙම බීජ අතර ඇලෙන සුළු ශ්‍රාවයක් පවතී. බෙලි මල් තම්බා පානය කිරීම ලංකාවේ වියළි කලාපයේ දී ඉතාමත් බහුලව සිදුකරයි. ඖෂධීය ගුණයෙන් යුතු බෙලි මල් පානයට අමතරව බෙලි කොළ, බෙලි ගැට තම්බා පානය කිරීමද සිදුකරයි. මල බද්ධය නිසා ඇතිවන තුන්දොස් සමනයකර රුධිරය පිරිසිදු කිරීමට මෙම බෙලි පානයන් අයුර්වේදයේ දී යොදාගනී.
ධාන්‍ය කල්තබා ගැනීම සඳහා අතීතයේ දී බෙලි කොළ භාවිතා කල බව සඳහන්ය. බෙළි කොළ, කැප්පැටියා කොළ, ඇල්බීසියා කොළ සමව ගෙන අඹරා ඒ මත ධාන්‍ය ගබඩා කිරීමෙන් බොහෝ කාලයක් ධාන්‍ය ආරක්ෂිතව කල්තබා ගත හැකිය. එමෙන්ම පැරණි ගෙවියන් විසින් ඇස්වැන්න වැඩි කරගැනීමට සහ පැමිණෙන උවදුරුවලින් ගොවිබිම මෙන්ම අස්වැන්න ආරක්ෂා කර ගැනීමට ද බෙලි ශාකය සමඟ තවත් ශාක භාවිතා කර තිබේ.
බෙලි ශාකයේ ඖෂධීය ගුණය
හිසරදය පාලනය කරයි
ආහාර මාර්ගයේ රෝගී තත්වවලට ගුණදායකයි
අම්ල පිත රෝගය සම්පූර්ණයෙන්ම සුව කරයි.
බඩ පිපුම පාලනය කරයි.
පණු රෝග නිසා හටගන්නා උදරයේ වේදනා දුරු කරයි.
මල බද්ධය සුව කරයි.
අර්ශස් රෝගය ගුණදායකයි.
ශරීරයේ විජලනය පාලනය කරයි.
ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියාවට එරෙහිව සටන් කරයි.
වයිරස් ආසාදන වලක්වයි
දහදිය දුගඳ පාලනය කරයි.
ප්‍රිතිඔක්සිකාරක ගුණය නිසා සම රැකදෙයි.
සමේ රෝග පාලනය කරයි.
සමේ පිළිකා ඇතිවීම වළක්වයි.
නින්ද නොයන අවස්ථාවල ඖෂධයක් ලෙස භාවිතා කරයි.
අතීසාර රෝගයට ගුණදායකයි.
ආහාර දිරවීම හොඳින් සිදුකරයි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගුණය වැඩිකරයි.
ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කරයි.
බෙලි මදයේ ඇට විරේක ගුණයෙන් යුක්තයි.
ආතරයිටීස් රෝගයට ගුණදායකයි.
අයුර්වේදයේදී රෝග කීපයක් සුව කරගැනීමට බෙලි ඖෂධයක් ලෙස යොදාගන්නා අයුරු
අතීසාර රෝගයට
බෙලි ගැට මඳ අව්වේ වියළා තම්බා එම වතුරට මී පැණි දමා පානය කිරීම.
අර්ශස් රෝගයට
ඉදුණු බෙලි ගෙඩිය දෙකට පළා වතුර දමා තම්බා ගෙන එම තම්බා ගත් වතුර පානය කර මද අහාරයට ගැනීම.
අහාර දිරවීමේ ගැටළුවට
බෙලි මඳ, උක් හකුරු සහ මෝරු සමසේ මිශ්‍ර කර පානය කිරීම.
බඩ පිපීම නිසා අහාර අවශෝෂණය නොවීමට
වැල් මදට, බෙලි මද, කලඳුරු, අල. දියමිත්ත, වියළි ඉඟුරු සමව ගෙන ඉඹුල් මැලියම් සමඟ මිශ්‍රකර ආහාරයට ගැනීම.
සෙම් සහිත හිසරදයට
බෙලි කොළ තැම්බූ වතුරින් හුමාලය ඇල්ලීම
අම්ල පිත්ත තත්වයට
බෙලි ගැට තැම්බූ වතුර පානය කිරීම මෙන්ම ඉදුණු බෙලි මද පානයක් ලෙස සකස් කර මී පැණි මිශ්‍රකර පානය කිරීම.
සමේ රෝග සඳහා
බෙලි කොළ තැම්බූ වතුරින් සේදීම.
යටිපතුල් පැලීමට
රස්නය සහිත බෙලි කොළ තැම්බූ වතුරේ දෙපා ටික වෙලාවක් බහා තබා පසුව තෙත හොඳින් පිස දමා ඉඳුණු බෙලි මදවලට ගිතෙල් මිශ්‍රකර පැළුම් සහිත ස්ථානයේ ආලේප කිරීම.
උමතු රෝගීන්ට
බෙලි කොළ ඉස්ම නස්න කිරීම සහ බෙලි කොළ ඉස්ම හිස ගැල්වීම
ලේ අතීසාරයට
බෙලි කොළ කොටාගත් යුෂට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කිරීම.
දහදිය බිබිලි සහ දහදිය දුගඳට
බෙලි කොළ කොටාගත් යුෂ ශරීරයේ ආලේප කිරීම මෙන්ම බෙලි කොළ තැම්බූ වතුරින් ශරීරය සේදීම.
සම පැහැපත් කර රුව වඩවා ගැනීමට
ඉදුණු බෙලි ගෙඩියේ මද කෝමාරිකා සමඟ මිශ්‍රකර සමේ ආලේප කිරීම මෙන්ම බෙලි කටු තැම්බූ වතුරෙන් සේදීම.
හෘද රෝගීන්ට
බෙලි මුල් තැම්බූ වතුර පානය කිරීම.
බටහිර වෛද්‍ය විද්‍යාවේදී පවා බෙලි ශාකය පර්යේෂණ ගණනාවකට ලක් කර තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී අහාර මාර්ගයේ සහ උදරයේ ඇතිවන රෝග සඳහා බෙලි පැණි භාවිත කරමින් ප්‍රතිකාර කරනු ලබයි. ඒවගේම බෙලි මුල් කසාය, ධාන්‍ය පංචක කසාය, මහපස් මුල් කසාය සඳහාද බෙලි භාවිත කරයි. ගර්භණී රෝග පවතින අවස්ථාවලදී බෙලි වලින් සාදා ගන්නා බිල්ව නම් තෛල භාවිත කිරීමෙන් බොහෝ ගුණ ලබාගත හැකිය.
ඉන්දියානු ජාතිකයන් තම සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට සහ ශරීරයෙ ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීම සඳහා ඉදුණු බෙලි මදවට සීනි සහ දෙහි මිශ්‍ර කර සාදා ගන්නා පානය අතීතයේ සිටම වර්තමානය දක්වාම භාවිත කරයි. එමෙන්ම රාවණා යුගයේ සිට පැවත එන හෙළ වෙදකමේ දී ඉතා ප්‍රභල ඖෂධයක් ලෙස බෙලි භාවිතා කළ බව ඉපැරණි හෙළ වෙද ග්‍රන්ථවල සඳහන්ව තිබේ.
උපුටවා පලකිරීමකි.
Price 850 /= ![]()
![]()
Wherever you are in Sri Lanka, you will go to your home by courier ![]()
![]()
0704498727 ![]()
You can also contact through Whatsapp
Fruit Plants
Herbal Plants
Fancy Flower Plants
Fancy Varieties We are planning to bring you in the future, Contact us
Trusted Service ![]()
Our work in Thanamalwila ![]()
![]()
![]()
Belli that cures many diseases *******
(Read the article and share for friends to see)