දිවුල් පැල
මිල 220 /= ![]()
![]()
ලංකාවෙ කොහේ සිටියත් කූරිය මගින් නිවසට ![]()
![]()
0704498727 ![]()
![]()
watts app හරහා ද සම්භන්ද විය හැක
පලතුරු පැල
ඖෂද පැල
විසිතුරු මල් පැල
විසිතුරු වැල් වර්ග ද අපි ඉදිරියේදී ඔබ සදහා ගෙන ඒමට සැලසුම් කරමින් පවතී , සම්භන්ද කර ගන්න අපිව
විස්වාසනීය සේවාවක් ![]()
තණමල්විල අපේ වැඩක් ![]()
![]()
![]()
අද කියන්න යන්නේ ගොඩක් අයට තියන ලෙඩගොඩකට අපි හැමෝම දන්නා පලතුරකින් විසදුම් !!!
දිවුල් කියන්නේ හොඳ පලතුරක්
ඒවගේම දිවුල් කොල කැද ඉතාම රසවත් ගුණයෙන් පිරිපුන් ආහාරයක්.
ඒ වගේම උණුසුම් කාලයට පරිසරය ශීත කරන වෘක්ෂයක් .
ඔබේ ගෙවත්තට දිවුල් ගහක් තිබීම හොඳයි නේද ?
පෝෂණ ගුණය
දිවුල්, විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අනූනය. දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු සමනය වේ. එහි ඇති සංඝටක, මලබද්ධය දුරු කිරීමට සමත් වෙනවා මෙන්ම බඩෙහි ඇති වන රිදීම්, අපහසුතා දුරු කරයි. එසේම එයට පාචනය, මලබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාව ද ඇත. එය ප්‍රති දිලීරකයක් ලෙස කියා කරමින්, ආහාර ජීර්ණ පද්ධතියට ආරක්ෂාව ලබා දෙයි.
ලේ පිරිසුදු කරයි
දිවුල් අනුභවයෙන් රුධිරය පිරිසුදු කිරීමේ විශේෂ හැකියාවක් පවතී. දිවුල් හා සීනි උණු වතුරෙන් දියකර පානය කිරීම, ඒ සඳහා යෝග්‍ය බව සැලකේ. දිවුල් මඟින් රුධිරය පිරිසිදු වනවා මෙන්ම, රුධිරය අපිරිසුදුවීමෙන් ශරීරයට සිදු විය හැකි හානි ද වළක්වයි. දිවුල් ශාකයේ මුල්, කන ආශ්‍රිත වේදනා හා රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. දිවුල් ශාකයේ කඳෙන් හා අතුවලින්, ගම් වැනි ද්‍රව්‍යයක් වෑස්සෙයි. එය දියවැඩියාව පාලනය සඳහා යෝග්‍ය ය. දිවුල් ශාකයේ කොළ ස්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු සඳහා සුදුසුය. දීර්ඝ කාලීනව පවතින සෙම්ප්‍රතිශ්‍යාව, ඒ ආශ්‍රිත වෙනත් රෝග, උගුරේ වේදනාව මෙන්ම කැස්ස සඳහා ද දිවුල් කොළ භාවිත කරයි. මෙය පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන්, ශරීරයේ ජවය වැඩි වේ. දිවුල් මදය ග්‍රෑම් 100 ක් තුළ කැලරි 140 ක් පමණ අන්තර්ගතව ඇත. එය ශරීරයේ ශක්තිය සඳහා යෝග්‍ය වේ. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ඉක්මන් කරවීමේ හැකියාවක් ද දිවුල් සතුය.
දිවුල් යනු ප්‍රෝටීනවලින් සමන්විත, මාංශපේශිවල ශක්තිමත් බව වැඩි කරන පලතුරකි. එසේම වකුගඩුවල සෞඛ්‍යමත් බව සඳහා මෙන්ම අක්මාවේ සුවතාව සඳහා ද යෝග්‍ය පලතුරකි. බීටා කැරොටීන්, තයමින් මෙන්ම, රයිබොෆ්ලෙවින් ද අඩංගු දිවුල්, සර්ප දෂ්ඨනය සඳහා ප්‍රතිකාරයකි. එය මැලේරියාව වැනි රෝගවලින් ආරක්ෂාවීමට ද උදවු වේ. දිවුල් ආහාරයට ගැනීමෙන්, පිළිකා අති වීමෙ අවදානම අවම වේ. එහෙත් දිවුල් වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඇතැම් විටෙක ආහාර ජීර්ණය සඳහා අහිතකර ලෙස බලපෑ හැකිය. එසේම තයිරොයිඩ් ගැටලු ඇති පුද්ගලයන් සඳහා දිවුල් සුදුසු නැත.
දිවුල් , ඉදුනු දිවුල් වල ස්ත්‍රී පුර්ෂ දෙපාර්ෂවයටම දාතු ශක්තිය මෙන්ම වඳ භාවය දුරැ කිරීමටත් ගුනවත් පලතුරක්.උෂ්ණාධික කාන්තාවන්ගේ සිරැරේ උෂ්ණත්වය සමනය කිරීමටත් බලවත් ව උපකාරී වෙනවා.හොඳින් ඉදුන දිවුල් මදය දිනපතා ආහාරයට බීමක් ලෙස හෝ එක් කර ගැනීම වටිනවාදිවුල් කොල කැද විෂ නසනවා වගේම ඇගේ උෂ්ණ රෝග සමනය කරනවා.
ස්නායු අමාරු සහ ආතරයිටිස් රෝගය, දනහිස් අමාරු තියෙන අයට හොඳ බෙහෙතක් .දිවුල් කොල ඉස්ම කෝප්ප බාගයක් උදේ දහයට විතර බොනව නම් අවුරුදු 100ක් වුනත් වයස පේන්නේ නෑ.
ඒ තරම් ශරීරයට ගුණයි .
ලේ පිරිසුදු කරන දිවුල් ඔසුව
දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයකි. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණ දායකයි .
වඳ බව නසන දිවුල් ඛෙහෙත
ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්‍රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඖෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි.
අතීසාරයට දිවුල්
අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඖෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඖෂධයක්.
අර්ශස්වලටත් දිවුල් ගුණයි
ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි.
කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක්
කුඩා දරුවන්ට නිතරම වැලඬෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.
බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට,
අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්‍ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමග හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඖෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි.
අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය
ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් ඛෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්‍ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න.
දද කුෂ්ඨවලට දිවුල්
උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්‍ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි.
සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ
සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඖෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිඛෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඬෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඖෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්. එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්‍ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්.
මුත්‍රා රෝගවලට ගුණ දිවුල්
බොහෝ දෙනෙක් උදරයේ මුත්‍රා ගල් තිඛෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්‍රාශය ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් ඒ පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න. රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්‍ය පදමට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සාමාන්‍ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි.
ලේ පිරිසුදු කරන දිවුල්
දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.
දිරවන්නේ නැති අයට දිවුල්
සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි ඛෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඖෂධයකින්ම ග්‍රෑම් 15 බැගින් අරගෙන මිශ්‍ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඖෂධ මිශ්‍රණය එයට දමා හොඳින් මිශ්‍ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමගින් සුව වෙනවා.
සෙමට හා කැස්සට දිවුල්
ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්‍ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි.
දිවුල් අඩංගු ඖෂධ
දිවුල් ඖෂධය සම්පාදිත ඖෂධ රැසක් බාහිර ඖෂධහල්වල පවතිනවා. ඒ අතරින් zකපිත්තා පඨක චූර්ණයZ ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්‍රහණිය ආශ්‍රිත රෝග වැනි රෝගවලින් සුව වීමට. ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් ර්ණීර්ථීච් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය.
ඉතින් සුලබව හමුවන අතිශය ගුණයෙන් මෙන්ම රසයෙන් ඉහල මේ පලතුරෙන් අපි රස කිහිපයක් විඳිමු.
දිවුල් කිරි
අවශ්‍ය ද්‍රව්‍ය:
දිවුල් ගෙඩි 2
පොල්කිරි මේස හැදී 4 යි
අයිස් කැට 4, 5
සීනි මේස හැඳි 1ක් හෝ මී පැණි
සාදන ක්‍රමය:
දිවුල් ගෙඩිය පලා මදය ගෙන වතුර දමා මිරිකා ,ඇට ඉවත් කර පල්පය ගන්න. බ්ලෙන්ඩරයට පල්පය, අයිස් කැට, පොල් කිරි සීනි දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
දිවුල් ජෙලි
අවශ්‍ය ද්‍රව්‍ය:
දිවුල් ගෙඩි 3
ජෙලටින් මේස හැඳි 1
වතුර මේස හැඳි 2
උණු වතුර මිලි ලීටර් 400
සීනි මේස හැඳි 4
සාදන ක්‍රමය:
ඇට ඉවත් කර පල්පය ගන්න. ජෙලටින් උණු වතුර දමා පොඟවා දිය කරගන්න. උණු වතුරට සීනි දිවුල් පල්පය සහ සීනි දමා හොඳින් දිය කරගන්න. දිය කරගත් ජෙලටින් එකතු කරන්න. ශිතකරණයේ තබා මුදවා ගන්න.
ඉතින් විවේකි සති අන්තයකට පොඩිත්තන්ව වටකරගෙන මේ රසවත් වට්ටෝරුව අත්හදා බලන්න කාල වේලාවක් සොයා ගැනීම අසීරු වන එකක් නැහැ.
සුබ දිවියක්!!!
මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #weerasinghe plantation #facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.
Woodapple Plants
Price 220 /= ![]()
![]()
Wherever you are in Sri Lanka, you will go to your home by Kuriya ![]()
![]()
0704498727 ![]()
![]()
You can also contact through watts app
Fruit Plants
Herbal Plants
Fancy Flower Plants
Fancy Varieties We are planning to bring you in the future, Contact us
Trusted Service ![]()
Our work in Thanamalwila ![]()
![]()
![]()
Today we are going to say the solution to a disease that many people have with a fruit that we all know!!!
Woodapple is a good fruit
And a very delicious quality food with the woodapple leaf curry.
Also, a tree that cools the environment in the hot season.
Wouldn't it be nice to have a downtown tree in your garden?
The quality of nutrition
Formulated with nutrients such as Woodapple, vitamins, calcium, phosphorus, fiber, protein and iron. Eating oath can solve problems related to the digestive system. The components in it, able to relieve constipation, as well as relieve abdominal pain, discomfort. Also, it has the ability to cure diarrhea, prostitution, etc. Saying it as an antidote protects the digestive system.
Cleansing the blood
Eating oath has a special ability to cleanse the blood. Dissolving and drinking sugar in hot water is considered appropriate for that.Woodapple purifies the blood and also prevents the damage that the body can cause by crushing the blood. The roots of the Woodapple plant can be used as a medicine for ear-related pains and diseases. From the stem and hands of the Woodapple plant, a village-like substance grows. It's suitable for diabetes control. The leaves of the Diwul plant are suitable for problems related to the sweeping system. Long-lasting hemp, other ailments related to it, uses dowl leaves for sore throat as well as cough. By eating this as a fruit, the body's energy increases. 100 grams of dowry contains about 140 calories. It's fit for strength in the body. Divul also has the ability to speed up the body's metabolism.
Woodapple is a fruit, rich in proteins, that increases muscle strength. Also a fruit for kidney health as well as liver health. Beta-carotene, as well as thyme, is a treatment for snake bites, which contains riboflavin. It also helps protect from diseases like malaria. Eating oaths reduces the risk of extreme cancer. But eating too much dilute can sometimes be adversely affecting digestion. Also, swearing is not suitable for people with thyroid problems.
Woodapple, ripe Woodapple is a good fruit for both gender and male and female to remove infertility. Thermal women can also help to balance their body temperature. Adding a well-cooked doughnut as a drink or daily meal will kill the toxins and relieve her temperatures.
Good medicine for those with neurological and arthritis, knee difficulties. If you drink half a cup of Woodapple leaf juice around ten in the morning, you won't see your age even after 100 years.
That much good for the body.
Woodapple medicine that purifies the blood
Woodapple is a valuable medicine that cleanses the blood. Pour some juice from the diwul, mix some sugar, jaggery and add a glass of water to it, mix well and drink. Drink this drink every morning for about a week. It is very good to eliminate various toxins in your blood and kill unhealthy fats.
Woodapple death that kills infertility
Take a ripe broth, soak it well, mix it with a little honey and a little gambler and stir it well. And then eat that lap ache daily for breakfast. This is a medicine you can make for yourself every morning without any hassle. If you eat this daily, it is very good for both women and men to remove infertility.
Divide into the nostalgic
Many people suffer from diseases such as nostalgia, stomach ache. But don't have to keep that inconvenience anymore. I'll tell you how to make a medicine that cures it with a dip, take a ripe dip, and remove the seeds. Then add some sugar to it and eat breakfast daily. It's a cure medicine for diseases like nostalgia.
Hemorrhoids also have good properties
A medicine for indigestion for small children divulges
Indigestion is a disease that is always buried in small children. In such a situation, take a few leaves of the lamp and clean it well and squeeze about three spoons of juice in it. Mix it with some sugar or honey and let it drink three times a day for about a week.
To get rid of stomach burning, to get rid of food quickly,
A valuable drink can be made from Diwul leaves to cure liver-related diseases. This is like tea we drink every day we can drink. Take the Woodapple leaves and dry the air and smash it well and put the powder in a bottle. Instead of tea leaves, add Woodapple sheet powder and boil it with hot water and drink it with jaggery or sugar daily. This is a very valuable herbal drink. Very good if used daily.
Drink of Diwul leaves that kills liver diseases
Some people become allergic when they eat food. It can lead to conditions such as abdominal pain, itching, and disappointment. Such people can cure allergic and animal poisoning, food poisoning can also be eradicated from the body when the body is poisoned. Take 20 ml of Diwul leaves ism and mix a spoon of fried cumin tea and drink twice a day in the morning and evening for a few days.
Divol for the tooth leprosy
Divul leaf juice is also good for external skin ailments such as heat bibles, marks, scars, leprosy, thieves, teeth, wounds. In such a situation, apply the Woodapple leaf juice grinded with cool water on those wounds, teeth, leprosy. Apply this daily for about a week. You will feel the difference.
Woodapple fraud porridge that kills snake poison
A person with snake poisoning or honey poisoning is at risk of embracing various side effects after taking medication and recovered. If taken as an example, when a rat eats, diseases like white grabs in the body will be cured later. I'll tell you how to make porridge from the diwWoodapple ul to get rid of side effects after getting medication when such poison is in the body. It's own Divul Panchanga porridge. Take all the roots, flowers, leaves, buds, dwarf them, take the juice and mix it together and make it as porridge and give it to the person who poisoned the snake to drink. If you drink this porridge once in three days or for a few weeks, you can get well from the side effects of snake poison and honey poison. They can also eliminate the risk of embracing them.
Properties for urinary diseases
Many people suffer from diseases such as abdominal problems, subconscious stomach aches because of urine stones in the stomach. But to get rid of those diseases and cure all urine-related diseases, That drink is also good for diseases like chronic cough and Ikkawa. If this drink is in India, everyone will make and drink it on the day of Rama's birth. You to drink this. Cure the diseases. This is how it's made. Take enough ripe Woodapple and add 2 spoons of sugarcane jaggery honey tea, 2 glasses of water, a little pepper powder, enasal, lime sprinkle, salt as needed and mix well. Then put in the fridge or drink as usual. This is a delicious fruit drink and good for my previous diseases.
Divul that purifies the blood
Woodapple is a valuable medicine that cleanses the blood. Pour some juice from the Woodapple, mix some sugar, jaggery and add a glass of water to it, mix well and drink. Drink this drink every morning for about a week. It is very good to eliminate various toxins in your blood and kill unhealthy fats.
Divorce for those who don't tolerate
Some people are at risk of getting out of the flower without stopping. This is how to make a drink from home for such patients. Crush the dried downtown, dried dried dried downtown, dried sour twilight leaves, and dried pomegranate leaves separately and mix 15 grams of each medicine. Then take a glass of sealed milk and put the herb mixture in it, mix well and drink. It cures the disease of unstoppable flowering.
Gently and coughing is a swamp
Take some ripe dowry and put it in a glass of water and keep it calm for a few hours. Then squeeze it well and soak the juice. Mix some honey, thippili powder each, and drink that juice. It's good for slow and cough.
So let's enjoy some flavors with this fruit which is commonly found, high in quality and taste.
Woodapple milk
Ingredients needed:
2 of the Woodapple nuts
4 tables of coconut milk grown
Ice cubes 4, 5
1 tablespoon of sugar or honey
Method of making:
Take the pulp of the Woodapple and pour water and squeeze it, remove the seeds and take the pulp. Add ice cubes, coconut milk sugar to a blender and blend well.
Divul jelly
Ingredients needed:
3 of the Woodapple nuts
1 tablespoon of gelatin
2 tablespoons of water
Hot water 400 ml
4 tablespoons of sugar
Method of making:
Remove the seeds and take the pulpaya. Add gelatin hot water to soak and dissolve. Add sugar pulse and sugar to hot water and dissolve it well. Add the dissolved gelatin. Keep in the fridge and save.
So it won't be hard to find time to round the kids up for a relaxing weekend and try this delicious recipe.
Happy life!!!
#Like our #weerasinghe plantation #facebook page to know valuable details like this daily. Also, don't forget to share this article for other friends to know.