Pomegranate plants

  • Matara
  • 4 years ago
  • Views : 518
  • ID : #1812

₨. 80

Description

✅ දෙළුම් පැල

✅ මිල 80 /= ??

✅ ලංකාවෙ කොහේ සිටියත් කූරිය මගින් නිවසට ❤️❤️

✅ 0704498727 ☎️☎️

✅watts app හරහා ද සම්භන්ද විය හැක

✅ පලතුරු පැල ✅ඖෂද පැල ✅විසිතුරු මල් පැල ✅විසිතුරු වැල් වර්ග ද අපි ඉදිරියේදී ඔබ සදහා ගෙන ඒමට සැලසුම් කරමින් පවතී , සම්භන්ද කර ගන්න අපිව ❤️ විස්වාසනීය සේවාවක් ❤️

✅තණමල්විල අපේ වැඩක් ❤??

✅දෙළුම් වල මේ ගුණ ඔබ දැන සිටියාද???

??

දෙළුම්(Punica granatum)

පලතුරු අතර සෞඛ්‍යසම්පන්න බවින් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම්වල, අනෙක් පලතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝග අඩංගු වේ. විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව ය.

බෙරි විශේෂයක් ලෙස සැලකෙන දෙළුම් ගෙඩියක් හොඳින් ඉදුණු විට දීප්තිමත්, දිලිසෙන සුලු රතු පැහැයක් ගනී. හොඳින් ඉදුණු දෙළුම් ඇට කෝප්පයක (ග්‍රෑම් 174 ක) , තන්තු ග්‍රෑම් 7ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 3ක්, විටමින් C දෛනික අවශ්‍යතාවයෙන් 30%ක්, විටමින් K දෛනික අවශ්‍යතාවයෙන් 36%ක්, ෆොලේට් දෛනික අවශ්‍යතාවයෙන් 16%ක්, පොටෑසියම් දෛනික අවශ්‍යතාවයෙන් 12%ක්, සීනි ග්‍රෑම් 24ක්, කැලරි 144ක් වැනි බොහෝ පෝෂණ කොටස් අඩංගු වේ.

පලතුරුවල කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් ද දෙළුම් පරිපූර්ණ ය. අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වේ. එය කොතරම් ප්‍රබල ද කිවහොත්, රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයකින් යුක්ත ය.

පිළිකාවට එරෙහිව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය අඩංගු වන්නේ දෙළුම් ඇටවල ය. මේ නිසා ම පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙළුම් ඇට මඟින් ලබා ගන්නා තෙල් යොදා ගැනේ. පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම, බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහිව දෙළුම් යොදා ගත හැකි බව මේ වනවිට පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාළ කිරීමේ හැකියාව දෙළුම් සතු ය.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක දී ඒ මඟින් නිපදවන PSA (prostate specific antigen) නම් ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය ඉතාමත් කෙටි කලක් තුළ දී දෙගුණයක් වන අතර , පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන අයෙක් දිනකට දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් පානය කළහොත්, සති 15 කින් දෙගුණ වන PSA හි නිෂ්පාදන වේගය , සති 54කින් දක්වා කල් යන බව ය.

දිනකට දෙළුම් යුෂ අවුන්ස 5 බැඟින් සති 2 ක් පානය කිරීමෙන්, ඖෂධ භාවිතයකින් තොරව අධි රුධිර පීඩනය අවම කර ගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. දෙළුම් යුෂ මඟින් දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනය කරන අතර ම, හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම ද සිදු වේ. එසේ ම පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, සන්ධිවලට හානි කරමින් අස්ථි සන්ධිප්‍රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම සඳහා, දෙළුම් සාරය යොදා ගත හැකි බව ය. දෙළුම් යුෂ සහ ඇට මඟින් මතකය වර්ධනය කරන බව මෑත කාලීන පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ. අමතක වීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටි පුද්ගලයන් 28 දෙනකුට දිනපතා දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් ලබා දෙමින් කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ, ඔවුන්ගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මතකයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ය.

උපුටා ගැනීමකි....

✅ Pomegranate plants

✅ Price 80 /= ??

✅ Wherever you are in Sri Lanka, you will go to your home by Kuriya ❤️❤️

✅ 0704498727 ☎️☎️

✅ You can also contact me through Whatsapp

✅ Fruit Plants ✅ Herbal Plants ❤️ Fancy Flower Plants ✅ Fancy Varieties We are planning to bring you in the future, Contact us ❤️ Trusted Service ✅

✅ Our work in Thanamalwila ❤??

✅ Did you know these properties of pomegranate???

??

Pomegranate (Punica granatum)

Pomegranates, which are considered to be the healthiest fruit among fruits, contains the body's most friendly compounds, which cannot be equal to other fruits. Scientific research has confirmed that eating pomegranate can prevent many diseases.

A pomegranate, considered a species of berries, takes on a bright, shiny red when well ripe. Finely ripe pomegranate seeds in a cup (174 g), 7 g of fiber, 36 g of protein, 30 % of Vitamin C daily requirement, Vitamin K 3 Contains many nutritional components such as 16 % of folate daily necessity, 12 % of potassium daily requirement, 24 grams of sugar, 144 calories.

Pomegranates are also perfect with punicollagins and pionisac acid, a powerful plant compounds rarely found in fruits. Punicollagins, an extremely powerful antioxidant, are largely contained in pomegranate juices and pomegranate. How powerful it is, three times as the antioxidants contained in red wine or green tea.

Pomegranate seeds contain pioneersac acid which is a great contribution to the fight against cancer. This is why the oil obtained from pomegranate seeds is used for the production of cancer medicines. Research has now confirmed that pomegranates can be used to fight breast cancer in most women, just like most of them for many urban gland cancers. Accordingly, pomegranate has the ability to disrupt the growing speed of cancer cells.

The production rate of a PSA (prostate specific antigen) produced in a very short period of time doubles, while research has confirmed that if a person suffering from pomegranate cancer drinks 8 ounces of pomegranate juice per day, PSA's production speed, which doubles in 15 weeks, will be postponed to 54 weeks.

Research has shown that drinking 5 ounces of pomegranate juice a day for 2 weeks can reduce high blood pressure without the use of medications. Pomegranate juice controls second type of diabetes, while also reducing LDL cholesterol that contributes to heart attacks. Also, research has confirmed that pomegranate essence can be used to stop enzymes that cause bone joint inflammation, damaging joints. Recent research has confirmed that pomegranate juice and seeds increase memory. A research conducted by giving 8 ounces of pomegranate juice each day to 28 adults with forgetfulness has shown that their audio and visual memories have increased significantly.

An extraction....

1812